සටහන

කැමති අය විතරක් කියවන්න...

කාලෙකට පස්සෙ ආයෙමත් ලියන්න කියල හිතුන. ජීවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක්. පොඩි කාලෙ අම්මල තාත්තල අපිට ජීවිතෙ ගැන කියල දුන්න. පස්සෙ යාලුවො, ගුරුවරු ජීවිතෙ ගැන කියල දුන්න. ජීවිතෙ ගැන ඉගෙන ගන්න ජීවත් වෙන්නම ඔනෙ කියල කතාවට කිව්වට එ කතාව කොච්චර ඇත්තද කියල තේරුම ගියෙ බොහොම ලඟකදි..

ඇස් දෙකම පේන අපේම උන් ගැන කතා ලියන්න වුනෙත් ජීවිතෙ කියන දේ තව කෙනකුට තේරුම් යාවි කියල හිතල. අද මන් කියන්න යන කතාව කියවල මට බනින්නනම් එපා, කරුමක්කාරය හැමදාම ලියන්නෙ අන්ධයො ගැන කියල. මේ කියන සිදුවීම උනෙ ගිය සතියෙ.

මන් දවල් කන්න යන්න ඔන්න මෙන්න තියෙද්දි මගෙ දුරකතනය නාද උනා..

"හෙලො, මන් කතා කරන්නෙ කොළඹ අක්ෂි රෝහලෙන්"

"ඔව් කියන්න" මන් කල්පනා කලේ මට කතා කරන්නෙ මොකද කියල.

"මහත්තය අපිට උදව්වක කරනව කියල නම දීල තිබුන, මම ක්‍රි***" ලයාන්විත කටහඩකින් එහෙම කියද්දි මට කාරණාව මතක් උනා. මම අන්තිමට බෙහෙත් ගත්තු දවසෙ මම මගෙ නම දුන්න උදව්වක් ඔන උනොත් කියන්න කියල.

"ඔව් මිස් කියන්න, මොකක්ද කෙරෙන්න ඔනෙ" මම ඇහුව.

"මහත්තය අවුරුදු 8ක ලමයෙක් ඉන්නව ලෙන්ස් එකක් ගන්න බැරුව, අරන් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්"

එහෙම දෙයක් මගෙන් ඉල්ලද්දි දෙපාරක් හිතන්න මට පුලුවන් කමක් තිබ්බෙ නෑ..

"පුලුවන් මිස්, ඔන කරන දේවල් ටික මට කියන්න" මට එහෙම කියවුනෙ නිතැතින්...

කොහොමින් කොහොම හරි මම ඔෆිස් එකෙන් පොඩි වෙලාවක් ඉල්ලගෙන කොළඹ අක්ෂි රෝහලට ගියෙ මට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන්න කියල. අදාල තුන්ඩුව ඉල්ලගෙන මන් ගෙදර ආවෙ මගෙ ලග තිබුන මුදල වැඩෙට ප්‍රමානවත් නොවිච්ච හන්ද. කොහොම හරි අදාල ලෙන්ස් එක අරන් කිව්ව දවසට මන් ආයෙමත් රෝහලට ගියා..

"මහත්තයගෙ අතින්ම මේක පේශන්ට දෙන්න, මෙහෙ ඔව අරන් ආයෙ විකුණන අයත් ඕන තරම් ඉන්නව" අර මිස් මට එහෙම කිව්වේ මන් විමසිල්ලෙන් වට පිට බලනන් ගත්තු හන්ද වෙනන ඇති. දෙවැනි මහලෙ තිබුන වාට්ටුවට යන අතර වටේම හිටියෙ ඇස් වහපු උදවිය.

අපි අදාල වාට්ටුවට ගියාම, එහි හිදපු සාත්තු සේවිකාවක් අදාල රෝගියට පණිවිඩයක් යැව්ව. මන් එතන් එතන තිබුන බංකුවට වෙලා වට පිට බැලුවෙ උවමනාවට එපාවට. මට ඔන කරල තිබ්බෙ ඒ ළමයව දෑහින් දැකගන්න.. ඔය අතරෙ මගෙ ඉන ලඟටවත් උස නැති පුංචි කොලු පැන්චෙක් තව ගෑනු කෙනක් එක්ක එතනට ආව.

"මෙ ඉන්න ඒ ලමය" කියල මිස් මට කියද්දි මගෙ ඇස් අදහගන්න බැරි උනා.. අනේ දෙවියනෙ.. මගෙ පපුව හෝස් ගාල පත්තු උනා. උඹ කාට වරදක් කරලද මට හිතාගන්න බැරි උනා. හයක් හතරක් නොතේරෙන ඒ පුංචි ලමයගෙ එක ඇහැක් පේන්නෙ නෑ.. ඔපරේෂන් එක කරපු දවසෙ කාචයක් අරන් දාන්න තරම් වත්කමක් ඒ දෙමාපියන්ට තිබිල නැ.. ම්ට මැවිල පේන්න ගත්ත. අපිට් අන්තිමට තිබුනු ඔෆිස් පාටිය දවසෙ මේ වගේ දහ පහලොස් ගුණයක් වියදම් කලා අපේ කෑම වලට.

"මේ මහත්තය තමා ඔයාගෙ කාච අරන් දෙන්නෙ.. තැන්කූ කියල ගන්න.."

ඒ දරුවගෙ අම්මගෙ ඇස් දෙකේම කදුලු පිරිල.

"ආ, මේක ගන්න. ඉක්මන්ට හොදවෙන්නකො" කියල මන් පොඩි එකාගෙ ඔලුව අත ගෑව. පොඩි එකා මට දන ගහල වැන්ද. මන් එහෙම දෙයක් තුන් හිතකින්වත් බලාපොරොත්තු උනෙ නෑ.. මන් හිරකරන් හිටිය කදුලු මටත් නොදැනිම මගෙ කොපුල් සිප ගත්ත. උඹට හොද අනාගතයක් පැන්චො.. උගෙ අම්ම ඒකව බදාගෙන අඬනව.. මට තවත් බලාගෙන්න ඉන්න බෑ.. මන් එලියට ආව..

මට දැනුනෙ පුදුම සතුටක්.. පුදුම සැහැල්ලුවක්.. මට කතා කරගන්න බෑ.. මගෙ ඇස්වලින් කඳුලු වැක්කෙරෙනව.. අපේම උන් දවසකට දහ පහලොස් දාහක් වියදම් කරන්නෙ වේලක් කන්න. ඒත් තමන්ගෙ පුංචි දරුවගෙ දෑස් පාදන්න ඒ වගේ මුදලක් හොයා ගන්න බැරි දෙමාපියො තව කොච්චර ඇතිද...මට මන් ගැනම කලකිරුන..

"මහත්තය දිගටම අපිට උදව් කරනවද?" ටිකක් වෙලා මන් දිහා බලන් හිටපු මිසී මගෙන් ඇහුව.

"මට පුලුවන් විදිහට කරන්නම් මිස්"

මන් ආපහු පිටි පස්ස හැරිල බැලුව. කියාගන්න බැරි තරම් සතුටකින් පොඩි එකා හිනා වෙනව. පුතේ උඹ හොඳවෙලා ලෝකෙට එලියක් වෙයන්..මන් පැතුවෙ එච්චරයි...!



ප.ලි: කොළඹ අක්ෂි රෝහල වෙත ආධාර කිරීමට හැකි අයෙක් වේ නම් හෝ වැඩි දුර විස්තර ලබා ගැනීමට අවශ්‍යනම් මා හට දන්නව්න්න.

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය