සටහන

කැමති අය විතරක් කියවන්න...

හැමදාම කියන්න වගේ ජිවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.. මේක දිග වැඩි කියල බනින්න එපා.. පුළුවන් තරම් කෙටියෙන් ලියන්න බලන්නම්. මම කලින් කරපු රස්සාවට ආයුබෝවන් කියල ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක රස්සාවට ගියේ 2014 අවූරුද්දේ. ඒ කාලේ මට තරම ඉක්මනට තරහ යන කිසිම කෙනෙක් ඒ ආයතනයේ ඉන්න නැතුව ඇති. එක හන්දම තමයි මාස හයක් සම්පුර්ණ වෙද්දී මාව HR රිවිවී කරන්න වැටුනේ.. :)

කොහොමින් කොහොම හරි ඒවගෙන් මිදිලා ප්‍රමෝෂන් 3ක් ගන්න ඒ වසර 5 මට ප්‍රමාණවත් උනා. මට ඒ දේවල් හැම දෙයකටම මට උදවු කලේ මගේ ආදරණිය බිරිද, මගේ වැරදි කියල පෙන්නලා මන් එක්ක හිටියේ නැත්නම් අද මම මෙතන නැ.. ආයතනයේ පැත්තෙන් මාව හරි පාරට ගත්තේ ඒ ආයතනයේම හිටපු පරණම කෙනෙක්.. ඇත්තටම මට HR රිවිව් එක එයා දැම්මේ නැත්නම් අදටත් මගේ අඩුපාඩු හදා ගන්න බැරි වෙනවා.. ඊට පස්සේ මාව හැමදාම වැටුනේ ආයතනයේ දෙවනිය යටතට, ඔහු කවදාවත් කිසි කෙනෙක් කියන දේවල් අහල තීරණ ගත්තු කෙනෙක් නෙමේ. තමන්ට ඇත්ත කියල තේරෙනකන් ඔහු ඇත්ත හෙව්වා. අද මන් යම්කිසි තත්වෙක ඉන්නවනම් ඒ ඔහු හන්ද. වෙලාවකට පුදුම නපුරු කෙනෙක් කියල හැමෝටම හිතුනත් ඔහුගේ ඇතුලාංතයේ හිටපු කාරුණික මිනිසා මට මේ වසර 6කට ආසන්න ප්‍රමාණයක් උපකාර කළා. මන් අනන්ත මානසිකව වැටිලා ඉදිද්දී පැය ගණන් මට කතා කළා.. ඒ වගේම ආයතනික ප්‍රධානියාත් තමන් දන්නා හොදම අයව මට මුණ ගස්සල මට උපකාර කළා, පැය ගණන් ප්‍රශ්න වලට මුණ දෙන හැටි කියල දුන්න.

මන් අනිත් අයට මට පුළුවන් උපරිමෙන් උපකාර කළා.. රස්සාවල් නැති වෙන්න ගිය 13ක් මන් හන්ද  අදටත් හොදින් රස්සාවල් කරනවා.. දවසක් මට එක ප්‍රධානියෙක් කිව්වේ මෙහෙමයි.

"Dakshika, Do your own shit, we'll execute our plans. If you jump in, you have to take care of yourself" කියල.

මන් එතකොට කිව්වේ එක දෙයයි.
"I dont care about my job. They have thousands of problems which you don't know. Do anything that you want, I can draw painting and sell in the road to survive myself, but they can't"

අදටත් මන් සතුටු වෙනවා ඒ ගැන.

මාව වෙනස්ම පැත්තකට යොමු කරපු අය්යකෙනෙකුත් මේ අතර හිටියා. ඔහු තමයි මාව භාවනා කරන්න එක්කන් ගියේ. එතන මගේ ජිවිතේ සංධි ස්ථානයක්. මන් මේ ආයතනයේ කරන්න හදපු දේවල් ගොඩක් තිබුනා. ආයතනයේ නම නිසාවෙන් මන් විවිද අධ්‍යාපනික ආයතන, meetup වගේ තැන් වල ප්‍රධාන කතිකයෙක්, සංවිධායකවරයෙක් වුනා. ඒ හැම දේටම ගොඩක් ස්තුත්යි හැමදෙනාටම.

මේ කාලය ඇතුලේ මන් ගොඩක් අයගේ දුක ඇහුවා. මන් දන්නේම නැතුව ගොඩක් අය මට ඇවිත් ඒ ගොල්ලන්ගේ දුක කිව්වා. මන් මට පුළුවන් හැම ආකාරයෙන්ම ඒ හැමෝටම උදවු කළා.. සමහර දවස් වල 10ත් පහු වලා මන් දුක අහල ගෙදර එද්දී. එත් කවදාවත් කිසිම කෙනෙක් මට ඒ ගැන කිසි දෙයක් කියල නැ .. කොහොමින් කොහොම හරි මන් ආයතනයෙන් සමු ගන්නවා කියන එක ආරංචි වෙලා තිබුන සමහරුන්ට.. සමහරු මන් ලඟට ඇවිත් කදුළු පුරෝගෙන කතා කළා.. චැට් එවල තිබ්බ.. සමහරු email කළා.. සමහරු රට ඉදන් පැය ගණන් කතා කළා. මන් එන දවසේ මන් හිටපු team එකේ ගොඩ දෙනක් කතා කළා.. ඒ හැම දෙයින්ම මට තේරුනේ එක දෙයයි.

මන් මිනිසුන් හම්බ කරලා.... 


මේ තියෙන්නේ ඒවගෙන් කිහිපයක්.. නම්ක් ගමක් නැතත් මට එවපු පණිවිඩ කිහිපයක්.. ගොඩක් තැන්වල
පුද්ගලික විස්තර තියෙන හන්ද එහෙම නැති ටිකක් මන් දාන්නම්..




මගෙන් අනිත් අයට දහසක් වැරදි වෙලා ඇති. මගේ බිරිදට, දෙමාපියන්ට, මිත්‍රයන්ට  හැමෝටම. මට කියන්න තියෙන්නේ ඒ හැම දේටම සිය දහස් වාරයක් සමා වෙන්න. ජිවිතෙයේ අපි මිනිස්සු හම්බ කරනවා.. මන් හිතන්නේ අන්තිමට අපිට ඉතුරු වෙන්න එච්චරයි.. කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැ.. එක  නිසා අපි එක තේරුම් අරන් අනිත් අයට උදවු කරමු...

අන්තිමට කියන්නේ තියෙන්නේ මෙච්චරයි

"දුන් දෙයක්ම තමා ලැබෙන්නේ..."

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය