සටහන

කැමති අය විතරක් කියවන්න...

ලියන්න කියල හැමදාම පටන් ගත්තට මගදි නතර කරනවා, මොකද මන් ලියන දේවල් හන්ද අනිත් උන් දුක් වෙයි කියල, ඒත් මගේ මිත්‍ර රවා හැමදාම බනිනවා මොකද නොලියන්නෙ කියල, ඔන්න මන් ලියන්න පටන් ගත්ත. ඒත් ලස්සනට ලියනනම් තේරෙන්නෙ නෑ පුලුව්න් විදියට ලියන්නම්.

මන් අද කියන්න හදන කතාව ඊයේ මන් සැබෑවටම අත් විදපු කතාවක්. සමහරු දැනටමත් දන්නව ඇතිනෙ කරුමක්කාරයගෙ එක ඇහැක් පේන්නෙ නැතුව ගිය වග, කොහොම උනත් ඊයෙ කොලඹ අක්ෂි රෝහලෙ කරන ලද දෙවැනි සැත්කමින් පස්සෙ ආයිමත් මේ ලෝකෙ දෙනෙතින්ම දකින්න කරුමක්කාරයාට වාසනාව තිබ්බ. කාලයක් විවේක ගන්න කිවිවට ලියන්න හිතිචච දේ නොලිවුවොත් ආයෙ ලියන්න වෙයිද දන්නෙ නෑනෙ.

වෙලාව උදේ 10ට විතර ඇති, මන් වාඩිවෙල්ලා උන්න බංකුව ගාවට එකම පාටින් ඇද ගත්තු කීප දෙනෙක් එනව වගේ මගෙ බොද වෙලා තිබ්බ ඇස් වලට යන්තමට පෙනුනා. හැමොම ඇදන් හිටියෙ රතු පාට ඉරි සහිත සරමක් සහ කමිසයක්. මට හිතුනෙ හමුදා රෝහලේ සහෝදරයො නේද කියල. මන් හිතුව හරි..

මන් මගේ හිස ඔසවල ආයෙමත් බලන් උන්න.

" මචන් උඹෙ බැලුවද? "

"තාම නෑ බන්, අද ඩොක්ටර් පරකුයිලු.." කියු ඔහු දකුණු අතේ තිබ්බ එකම ඇගිල්ලෙන් නහය කැසුවා. වම් අතේ තිබ්බ සුදු සැරටිය කොනේ හිටිය අනිත් සහෝදරයගෙ එක ඇහැක් වැහිල. මෝටාර් කෑල්ලක් වැදුනලු. එහෙම කියපු ඔහු තවත් කෙනෙක්ව පෙන්නුව.

" ඇස් දෙකම පේන්නේ නැ මචන්, ගෑස් පාරක් වැදුන" කියපු ඔහු තනියෙම හිනා උනා. තවකෙකුගෙ කකුලක් නෑ. ඒත් උන් ඔක්කොම හිනා වෙනවා. එකම පවුලක වගේ එකිනෙකා වැලඳගෙන කියවනවා. මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන යනව හොදටම.. මේ මිනිස්සුන්ගෙ හිතෙ හයිය දැකපු මට පුදුම හිතුන. අපි වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතෙ කැප කරපු ඔවුන් වෙනුවෙන් අද හඩක් නගන්න කවුරුත්ම නැ.. ඒත් අර කෝන්ලා, මේ කෝන්ලා, අර අයිය මේ අයිය ගැන පිටු ගනන් බ්ලොග් පිටු පුරවන්න අපේම සහෝදරයො ඕන තරම් ඉන්නව.

කොහොම උනත් මට ආයි බෙහෙත් දාන්න ඇතුලට යන්න උනා.

" මචන් මේ අවුරුද්දටවත් අපිට ගෙවල් වල යන්න ලැබෙයිද?" කියල අහපු එක් සහෝදරයෙක්ගෙ කටහඩ මගේ සවනතේ දෝංකාර දුන්න.


අපි හැමෝගෙම ආශිර්වාදෙන් උඹලට හොදවේවි ඉක්මනටම.. තෙරුවන් සරණයි...! මට හිතුනෙ එච්චරයි.

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය