සටහන

කැමති අය විතරක් කියවන්න...

ලියන්න කියල හැමදාම පටන් ගත්තට මගදි නතර කරනවා, මොකද මන් ලියන දේවල් හන්ද අනිත් උන් දුක් වෙයි කියල, ඒත් මගේ මිත්‍ර රවා හැමදාම බනිනවා මොකද නොලියන්නෙ කියල, ඔන්න මන් ලියන්න පටන් ගත්ත. ඒත් ලස්සනට ලියනනම් තේරෙන්නෙ නෑ පුලුව්න් විදියට ලියන්නම්.

මන් අද කියන්න හදන කතාව ඊයේ මන් සැබෑවටම අත් විදපු කතාවක්. සමහරු දැනටමත් දන්නව ඇතිනෙ කරුමක්කාරයගෙ එක ඇහැක් පේන්නෙ නැතුව ගිය වග, කොහොම උනත් ඊයෙ කොලඹ අක්ෂි රෝහලෙ කරන ලද දෙවැනි සැත්කමින් පස්සෙ ආයිමත් මේ ලෝකෙ දෙනෙතින්ම දකින්න කරුමක්කාරයාට වාසනාව තිබ්බ. කාලයක් විවේක ගන්න කිවිවට ලියන්න හිතිචච දේ නොලිවුවොත් ආයෙ ලියන්න වෙයිද දන්නෙ නෑනෙ.

වෙලාව උදේ 10ට විතර ඇති, මන් වාඩිවෙල්ලා උන්න බංකුව ගාවට එකම පාටින් ඇද ගත්තු කීප දෙනෙක් එනව වගේ මගෙ බොද වෙලා තිබ්බ ඇස් වලට යන්තමට පෙනුනා. හැමොම ඇදන් හිටියෙ රතු පාට ඉරි සහිත සරමක් සහ කමිසයක්. මට හිතුනෙ හමුදා රෝහලේ සහෝදරයො නේද කියල. මන් හිතුව හරි..

මන් මගේ හිස ඔසවල ආයෙමත් බලන් උන්න.

" මචන් උඹෙ බැලුවද? "

"තාම නෑ බන්, අද ඩොක්ටර් පරකුයිලු.." කියු ඔහු දකුණු අතේ තිබ්බ එකම ඇගිල්ලෙන් නහය කැසුවා. වම් අතේ තිබ්බ සුදු සැරටිය කොනේ හිටිය අනිත් සහෝදරයගෙ එක ඇහැක් වැහිල. මෝටාර් කෑල්ලක් වැදුනලු. එහෙම කියපු ඔහු තවත් කෙනෙක්ව පෙන්නුව.

" ඇස් දෙකම පේන්නේ නැ මචන්, ගෑස් පාරක් වැදුන" කියපු ඔහු තනියෙම හිනා උනා. තවකෙකුගෙ කකුලක් නෑ. ඒත් උන් ඔක්කොම හිනා වෙනවා. එකම පවුලක වගේ එකිනෙකා වැලඳගෙන කියවනවා. මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන යනව හොදටම.. මේ මිනිස්සුන්ගෙ හිතෙ හයිය දැකපු මට පුදුම හිතුන. අපි වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතෙ කැප කරපු ඔවුන් වෙනුවෙන් අද හඩක් නගන්න කවුරුත්ම නැ.. ඒත් අර කෝන්ලා, මේ කෝන්ලා, අර අයිය මේ අයිය ගැන පිටු ගනන් බ්ලොග් පිටු පුරවන්න අපේම සහෝදරයො ඕන තරම් ඉන්නව.

කොහොම උනත් මට ආයි බෙහෙත් දාන්න ඇතුලට යන්න උනා.

" මචන් මේ අවුරුද්දටවත් අපිට ගෙවල් වල යන්න ලැබෙයිද?" කියල අහපු එක් සහෝදරයෙක්ගෙ කටහඩ මගේ සවනතේ දෝංකාර දුන්න.


අපි හැමෝගෙම ආශිර්වාදෙන් උඹලට හොදවේවි ඉක්මනටම.. තෙරුවන් සරණයි...! මට හිතුනෙ එච්චරයි.

14 comments:

රට වෙනුවෙන් අපමණ කැපකිරීම් කළ ඒ සොයුරු සොයුරියන්ට ඉක්මන් සුවය ලැබේවා!
ඔබ කිව් ලෙසටම දැන් ඔවුන් ගැන කතාකරන්න කවුරුත් නෑ. ඔවුන්ට හිමි ගෞරවය නොලැබේන්නේද?

උඹ මේවා කොහොම ලියනවද මන්දා කියලා උඹ මගේ එකේ ලියලා ත්බුනාට මේ උබත් ලියා තියෙන්නේ බලන අයට ඇඬෙන්නම . . .

හරිම සංවේදීයි . . . .

ඒ සහෝදරවරු ගැන කතා කරන එකත් අද දේශද්‍රෝහියෙක් වෙන්න පුලුවන් ගානට ගනන් ගන්න වෙන දෙයක් නිසා උවමනාවෙන් ඒ අය ගැන නොලියා ඉන්නවා වෙන්නත් පුලුවන් මචං . .

මචන්. දිගටම ලියපන්. ලස්සන කැත බලලා නෙමේ හිතට දැනුන දේවල් ලියපන්.
උඹට ජය පතනවා.

@nadeesthoughts: මට පේන විදිහටනම් අපි ඔවුන්ට සලකනව මදි..කොහොමත් සිංහල ජාතිය හරි ඉක්මනට අමතක කරන ජාතියක්නෙ.

@දුකා, Raven: ගොඩක් ස්තූතියි මචන්.. උබලගෙ දිරිමත් කිරීම් ලොකු හයියක්..

ඇත්තමයි අයියේ මේක කියවලා මගේ ඇසුත් බොද උනා.ඇත්තමයි අපේ රණවිරු සොයුරන් ගැන වගකිව යුතු නිලධාරීන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනා.
අයියේ කොහොම උනත් ඔයා වැඩිය ඔය ඇහැ වෙහෙසන්න එපා ටික දොහක් යනකම්.පරිස්සම් වෙන්න.වෙන දෙයක් වගේ නෙවෙයි නේ ඇහැක්

අපේ රටේ මනුස්සයිගේ තියෙන නරකම පුරුද්ද මොකද්ද දන්නවද ? අපි වෙනුවෙන් ඔවුන් කල දේවල් ඉක්මනින්ම අමතක කර දැමීම......

හරිම සංවේදී කතාවක්......

බලන මිනිස්සු ගැන පස්සෙ හිතන්න පුළුවන් ඉස්සල්ලා, හිතෙ තියන දුක කරදර .. තරහා ඔක්කොම අපිටත් ටික ටික දෙන්න.. එකයි මන් ඔයාට එහෙම බල කරෙ.. ලංකාවෙ ඉන්න පාලනය කරපු, කරන , වැදගත් උදවිය ගැන මම හිතපු දෙ ගැන ලිව්ව ලිපිය මෙන්නදැන් මුහුද දෙබැ කරන්නෙත් නැත, අහස පොළොව සිබින්නෙත් නැත.

දුකයි තමයි.. නමුත් ඉතින් අපිට කරන්න පුලුවන් දෙ අපි කරනවා.. කකුලක් නැති හමුදාවෙ අයියා කෙනෙක් කොච්චියට නැග්ගහාම. අපි දුවලා ගිහිල්ල උදව්වෙනවා. අම්මවයි නංගිවයි ගෙදර දාලා හමුදාවට ගිහිල්ලා ඉන්න අයියලාගෙ ගෙදරට පොල් අතු බඳින්න එන්න කිව්වාහම අපෙ සල්ලි වලින් රා අරන් ගිහිල්ලා පොල් අතු බඳිනවා.. මෙතන බලය තියන මිනිස්සුන්ගෙ තියන කුහක කමයි ප්‍රශ්නෙ... අපිට කරන්න පුළුවන් උදව් අපි කරමු කියලායි කියන්නෙ..

කිසිදා අමතක නොකළ යුතු පිරිසක් ගැන සංවේදී කතාවක්...දිගටම ලියන්න...

@මම: ස්තූතියි නංගි...මගෙ හයියට ඔගොල්ලො ඉන්න එක ලොකු සතුටක්..

@රවා : අනිව මච්න්..පුලුවන් දේ උපරිමේන් කරමු අපි.

@CD Athuraliya : ස්තූතියි මිත්‍රයා...දිරිගැන්වීමට බොහොම පින්..

යහලුවා ඉඩක් ලැබෙන වෙලාවෙ අකුරු කරන්න අමතක කරන්න එපා.. ලියපන් මචන් මොනව හරි.. එතන තියනවා උඹට සැනසීමක්.. උඹ මට දාපු පළවෙනි කෙමෙන්ට් එක ගැන මට මතක් වුනා.. එකයි ආවෙ උඹව බලලා යන්න...

කො මචන් කාලෙකින් මුකුත් නැහැ නෙ... ලියපන් බන්.. ලියපන්..

කියන්න ඕන දේවල් අනිත් අය කියලනෙ තියෙන්නෙ අයියෙ.....මේ වගේ දිගටම ලියන්න

මචං අයියෙ මොකද පොස්ට් කරලා ආපහු ගන්නෙ.. ඔයාව දන්න කිපදෙනයි ඉන්නෙ. එ අයත් අපි අතරම ලියන අය. ඔයා ඔයාගෙ දෙ ලියන්න. හිතෙ තියන දුකක්, කරදරයක් ලිව්වා කියලා කවුරු හරි ඔයාව පහතට දාලා කතා කරනවා නම් එක එ මනුස්සයගෙ හදවතෙ තියන ලොකු දොශයක්, එක් අනිත් මනුස්සයින්ට තෙරෙනවා.. ඔයා මොනව හරි දෙයක් ලියන්න.. පුළුවන් විදියට... එක ලිව්වහාම සිතට දැනෙන සහනය තමයි ඔයාට ඉතුරු වෙන්නෙ. ඔයා දිනද්දි ඔයා ලඟින් හිටපු මනුස්සයින් .. ඔයා වැටෙද්දි ඔයා ලඟින් ඉන්න මනුස්සයින්.. දෙගොල්ලම ඔයාගෙ මනුස්සයින් කියලා හිතලා සමාව දෙන්න.. ලියන්න...

දක්ෂික උඹ කිව්වා හරි බං ලංකාවේ මිනිස්සුන්ග්ට ඉක්මනට අමතක වෙනවා කරපු උදව.ඔක ලංකාවේ හැටිනේ.අද ලංකා වේ කොච්චර ඉන්නවාද තමන්ගේ ජිවිතය පරදුවට තියලා ලංකාව බේරගනන් සටන් කරපු රවිරුවන් අමතක කරන අය. හැබැයි ඔය අතර ඉන්නවා මනුස්සකම දන් කියන කීප දෙනක්.මේ කීප දෙනා මුල්වෙලා කරපු වැඩක් මම මේ ලගදි දැක්කා රූපවාහිණි වැඩසටහනක ITN එකේ යන වෙනස වැඩ සටහනට පෙන්නුව මට මතක හැටියට පොලොන්නරුව ප්රදේශයේ ඉදිකරල තියන රනවිරුවන් හට සියලු පහසුකම් සහිතව ඉදි කර ඇති හොටෙල් එකක් වගේ රෝහලක් ගැන.

Post a Comment

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය