කොහොම උනත් මේ කතාව ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න, අපේම මිනිස්සු කොච්චර සංවෙදීද කියන දේ ගැන යමක් කියන්න හිතුන හන්ද. අද ශීර්ෂනාමයට මන් යොදා ගත්තෙ ගීතයක මුල් පද කිහිපයක්.. මේ ගීතය ගූගල් බස් එකේ ආගන්තුකය දාල තිබුන(ස්තූතියි මච්න්), මෙ ගැන කිහිප දෙනෙකුම කතා කරන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. ඒ කරපු කතා කොයිතරම් සාධාරණද කියන එක ගැන කියන්න මම යන්නෙ නැ.. කොහොම උනත් මට උන් ගැන තියෙන්නේ නූපන් ශෝකයක්...
දවස සෙනසුරාද... වෙලාව උදේ 10ට විතර ඇති. 138 බස් එකට නගින්න පුස්තකාල මාවත දිගේ හයිලෙවල් පාර පැත්තට හෙමින් හෙමින් ගාටන්න මන් හිතන් හිටියට පරක්කු වෙච්ච හන්ද පුලුවන් ඉක්මනට මන් අඩිය උස්සල යන්න ගත්ත, හැමදාම වගේම පාරෙ මිනිස්සු දහ පහලොස් දෙනෙකුට වැඩියෙන් මිස අඩුවෙන් හිටියෙ නැ.. ටිකක් ඉස්සරහට යනකොට අන්ධ ගැනු කෙනෙක් පාරෙ ඉස්සරහට ඇවිදගන එනවා. මන් තවත් උනන්දුවෙන් බැලුවෙ අතෙ තිබිච්ච සුදු සැරටිය දැක්ක හන්ද. එක අතකට බරට බරේ පන් මල්ලක්... ඒක පුරොල තිබ්බෙ පලා මිටි. ඒව එලියට වැටෙයිද කියලත් හිතුන මට.
මගෙ හිතට ආවෙ පුදුම සතුටක්, ඒ වගේම ධෛර්යයක්.. මේ මනුස්සය කොතරම් ධෛර්යසම්පන්නද? තනියෙම හිතෙ හයියෙන් ජීවත් වෙන හැටි. මට එහම හිතුන.. ඒත් එක්කම මට පෙනිච්ච තවත් දෙයක් හන්ද මගෙ හිත තව පැත්තකට යොමු උනා.. මෙන්න එල කෑලි 3ක් ඉස්සරහට එනව, බාගයක් එලියෙ.. උදෙ පාන්දර free show එකක් හන්ද මන් ඒකත් බල බලම් ඉස්සරහට ඇදුන..
"අනේ... මෙ අහන්න.." මට කවුරු හරි කතාකරනව ඇහුන.. ඒත් මටමද? මන් ආයෙමත් හිතුව..
"අනෙ මාව දෙහිවල බස් එකට දාන්න.." ඒ ඇහුන බැගෑපත් හඩ වෙන කාගෙන්වත් එන්න බෑ...මන් මටම කියා ගත්ත.. ඉස්සරහට තියපු අඩිය මන් ආයෙමත් පස්සට තිබ්බ..
අර අන්ධ මනුස්සය පාරෙ යන්න උදව්වක් ඉල්ලනව. මන් එතන පහු කරන් අඩි 20ක් විතර ඉස්සරහට ඇවිත්.. අර බාගයක් එලියට දාගත්තු 3දෙනා එතන.. පුදුමෙ කියන්නෙ උන්ට ඒක ඇහුනෙ නෑ.. ඇහුනත් ඒකට ක්‍රියාත්මක වෙන්න පුලුවන් කමක් උන්ට නෑ.. ඒ තරමට උන් පොශ් වැඩියි.. උන් ටික ඉස්සරහට යන්න ගියෙ වගක්වත් නැතිව.. මන් තාම බලාගෙන ඉන්නව. මට පුදුමයි, ඇස් පෙනෙන අපිට, ඇයි ඇස් නොපෙනන එකා නොදැනෙන්නෙ කියල.. කාගෙන්වත් වාරු නොගන්න හිතන් ආවත් ඒ මනුස්සය අතරමන් වෙලා.. මන් මගෙ ගමන පැත්තක දාල ආපහු හැරුන...
තවමත් මිනිස්සු අතර මිනිසත් කම තියෙනව කියල මට දැනුනෙ එතකොට. අර කෙල්ලන්ට ඉස්සරහ උන්නු තවත් අම්ම කෙනෙක් එතෙනට ආවෙ කෙල්ලන්ට නෑහුන අර ඉල්ලීම ඇහිච්ච හන්ද... අර අන්ධ මනුස්සයව අතින් අල්ලගෙන එක්කන් යන්න තරම් ඒ අම්ම කාරුණික වුනා... ම්න් තාමත් නැවතිලා බලාගෙන ඉන්නව, එක අතකින් දුකයි, මොකද ඒ මනුස්සයට පිහිට වෙන්න්න බැරි උන එකට, එක අතකට සතුටුයි මිනිසත් කම දන්න තව එක්කෙන්හරි ඉදපු එකට.. මන් ඒ අම්මට හදවතින් පින් දීල අදින්න හදපු බස් එකේ එල්ලුනා..
මිනිසත් කම් අමතක වෙච්ච මේ වගේ කාලෙක මට මතක් උනෙ මෙච්චරයි...
"අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා....."
කවදාවත් නොකරන්න හිතපු දේවල් ගොඩක් මන් අද කලා. ඒ දේවල් වෙනුවෙන් ගොඩක් දේවල් අහන්න, දැනගන්න හම්බ වුනා. සමහරෙක් හොද දකිද්දි කෙනෙකුට එක නරකක්.අනතිමට තීරණයක් ගත්ත, මට සමීප කිසිම දෙයක් ලියන්න යන්නෙ නැ කියන එක.
ජීවිතෙ බ්ලොග් කෙරුවාව පටන් ගත්තෙ මොකක් වෙනුවෙන්ද කියන එක දන්න කීපදෙනෙක් ඉන්නව. එ කට්ටියම ඒක දැනගත්තාම ඇති. මම කවදත් ලිව්වෙ දුක විනුණන් කන්න නෙමේ. සතුට සේල් කරන්න්නත් නෙමෙ. අන්තිමෙ මට දුක සේල් කරන තුප්පහි බ්ලොග් ලියන්නෙක් කියල ලේබල් ගහන්න තරම් ලෝකයා හොද උනා... සින්ඩිවල වැටෙන්න මන් බ්ලොග් ලිව්වෙ නෑ... එව කවුරු කියවයිද කියල හිතල ලිව්වෙත් නෑ.. දැන් ගොඩක් අයගෙ හිත් තියන වග උන්ට දැනුනට, මන් නිහඩව හිටියෙ ඒව ඉස්සර ඉදන් උන් ලඟ තිව්ව වග දැන උන්නු හන්ද, හරියටම අවුරුද්දකට පස්සෙ අතීතය මතක් උනෙ ඇයි කියල මන් දන්නෙ නැ..
ම්න් මෙ ටික ලියන්න හිතුවෙත් මගෙ මිත්‍ර රවා හන්ද.. උඹ මාව දැහින් නොදැක්කත් ලගින් උන්න උන්ට වඩා මාව දැකපු හන්ද..
"මචං අයියෙ මොකද පොස්ට් කරලා ආපහු ගන්නෙ.. ඔයාව දන්න කිපදෙනයි ඉන්නෙ. එ අයත් අපි අතරම ලියන අය. ඔයා ඔයාගෙ දෙ ලියන්න. හිතෙ තියන දුකක්, කරදරයක් ලිව්වා කියලා කවුරු හරි ඔයාව පහතට දාලා කතා කරනවා නම් එක එ මනුස්සයගෙ හදවතෙ තියන ලොකු දොශයක්, එක් අනිත් මනුස්සයින්ට තෙරෙනවා.. ඔයා මොනව හරි දෙයක් ලියන්න.. පුළුවන් විදියට... එක ලිව්වහාම සිතට දැනෙන සහනය තමයි ඔයාට ඉතුරු වෙන්නෙ. ඔයා දිනද්දි ඔයා ලඟින් හිටපු මනුස්සයින් .. ඔයා වැටෙද්දි ඔයා ලඟින් ඉන්න මනුස්සයින්.. දෙගොල්ලම ඔයාගෙ මනුස්සයින් කියලා හිතලා සමාව දෙන්න.. ලියන්න..."
මේ කතාව කියපු රවාට මන් ගොඩක් ස්තූති වෙන්න ඔනෙ. අනුන්ගෙ කුණු ගොයන්නෙ නැතුව ඉන්න කියල මට උපදෙස් දුන්නු උඹලටත් ගොඩක් පින්.
මෙ කියන කතාව තවත් එක් කතාවක්..
එලියට එක මූණක් පෙන්නල කැරි මූණ ඇතුලෙ තියා ගන්න මට උවමනාවක් තිබ්බෙ නැ... මගෙ එ දෙකම තිබ්බෙ එලියෙ. දැන් මට ලැබෙන්න දෙයක් නැ.. අතරින්න දෙකුත් නැ... ලගින් හිටපු යාලුවොත් නැ.. එ එකකටවත් වැරදි අනිත් එකෙක්වත් නෙම කියල මට හිටපු හොදම යාලුව මට කියල දුන්න. මෙච්චර කල් උ කියපු දේ නොඅහපු මට මෙහෙම වෙලා මදි..
මන් යන පාර මටම අපහැදිලි වෙලා.. කල හොද පස්සෙන් එනව වගේම, කල පවුත් පස්සෙන් එනව.
බලමු මුලක් නැති අගක හැටි..