සටහන

කැමති අය විතරක් කියවන්න...

කොහොම උනත් මේ කතාව ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න, අපේම මිනිස්සු කොච්චර සංවෙදීද කියන දේ ගැන යමක් කියන්න හිතුන හන්ද. අද ශීර්ෂනාමයට මන් යොදා ගත්තෙ ගීතයක මුල් පද කිහිපයක්.. මේ ගීතය ගූගල් බස් එකේ ආගන්තුකය දාල තිබුන(ස්තූතියි මච්න්), මෙ ගැන කිහිප දෙනෙකුම කතා කරන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. ඒ කරපු කතා කොයිතරම් සාධාරණද කියන එක ගැන කියන්න මම යන්නෙ නැ.. කොහොම උනත් මට උන් ගැන තියෙන්නේ නූපන් ශෝකයක්...


දවස සෙනසුරාද... වෙලාව උදේ 10ට විතර ඇති. 138 බස් එකට නගින්න පුස්තකාල මාවත දිගේ හයිලෙවල් පාර පැත්තට හෙමින් හෙමින් ගාටන්න මන් හිතන් හිටියට පරක්කු වෙච්ච හන්ද පුලුවන් ඉක්මනට මන් අඩිය උස්සල යන්න ගත්ත, හැමදාම වගේම පාරෙ මිනිස්සු දහ පහලොස් දෙනෙකුට වැඩියෙන් මිස අඩුවෙන් හිටියෙ නැ.. ටිකක් ඉස්සරහට යනකොට අන්ධ ගැනු කෙනෙක් පාරෙ ඉස්සරහට ඇවිදගන එනවා. මන් තවත් උනන්දුවෙන් බැලුවෙ අතෙ තිබිච්ච සුදු සැරටිය දැක්ක හන්ද. එක අතකට බරට බරේ පන් මල්ලක්... ඒක පුරොල තිබ්බෙ පලා මිටි. ඒව එලියට වැටෙයිද කියලත් හිතුන මට.


මගෙ හිතට ආවෙ පුදුම සතුටක්, ඒ වගේම ​​ධෛර්යයක්.. මේ මනුස්සය කොතරම් ධෛර්යසම්පන්නද? තනියෙම හිතෙ හයියෙන් ජීවත් වෙන හැටි. මට එහම හිතුන.. ඒත් එක්කම මට පෙනිච්ච තවත් දෙයක් හන්ද මගෙ හිත තව පැත්තකට යොමු උනා.. මෙන්න එල කෑලි 3ක් ඉස්සරහට එනව, බාගයක් එලියෙ.. උදෙ පාන්දර free show එකක් හන්ද මන් ඒකත් බල බලම් ඉස්සරහට ඇදුන..


"අනේ... මෙ අහන්න.." මට කවුරු හරි කතාකරනව ඇහුන.. ඒත් මටමද? මන් ආයෙමත් හිතුව..


"අනෙ මාව දෙහිවල බස් එකට දාන්න.." ඒ ඇහුන බැගෑපත් හඩ වෙන කාගෙන්වත් එන්න බෑ...මන් මටම කියා ගත්ත.. ඉස්සරහට තියපු අඩිය මන් ආයෙමත් පස්සට තිබ්බ..


අර අන්ධ මනුස්සය පාරෙ යන්න උදව්වක් ඉල්ලනව. මන් එතන පහු කරන් අඩි 20ක් විතර ඉස්සරහට ඇවිත්.. අර බාගයක් එලියට දාගත්තු 3දෙනා එතන.. පුදුමෙ කියන්නෙ උන්ට ඒක ඇහුනෙ නෑ.. ඇහුනත් ඒකට ක්‍රියාත්මක වෙන්න පුලුවන් කමක් උන්ට නෑ.. ඒ තරමට උන් පොශ් වැඩියි.. උන් ටික ඉස්සරහට යන්න ගියෙ වගක්වත් නැතිව.. මන් තාම බලාගෙන ඉන්නව. මට පුදුමයි, ඇස් පෙනෙන අපිට, ඇයි ඇස් නොපෙනන එකා නොදැනෙන්නෙ කියල.. කාගෙන්වත් වාරු නොගන්න හිතන් ආවත් ඒ මනුස්සය අතරමන් වෙලා.. මන් මගෙ ගමන පැත්තක දාල ආපහු හැරුන...


තවමත් මිනිස්සු අතර මිනිසත් කම තියෙනව කියල මට දැනුනෙ එතකොට. අර කෙල්ලන්ට ඉස්සරහ උන්නු තවත් අම්ම කෙනෙක් එතෙනට ආවෙ කෙල්ලන්ට නෑහුන අර ඉල්ලීම ඇහිච්ච හන්ද... අර අන්ධ මනුස්සයව අතින් අල්ලගෙන එක්කන් යන්න තරම් ඒ අම්ම කාරුණික වුනා... ම්න් තාමත් නැවතිලා බලාගෙන ඉන්නව, එක අතකින් දුකයි, මොකද ඒ මනුස්සයට පිහිට වෙන්න්න බැරි උන එකට, එක අතකට සතුටුයි මිනිසත් කම දන්න තව එක්කෙන්හරි ඉදපු එකට.. මන් ඒ අම්මට හදවතින් පින් දීල අදින්න හදපු බස් එකේ එල්ලුනා..


මිනිසත් කම් අමතක වෙච්ච මේ වගේ කාලෙක මට මතක් උනෙ මෙච්චරයි...

"අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා....."


12 comments:

සමාජය මොතතරමක් පිරිහුනත් මනුස්සකම් දන්න එකෙක් දෙන්නෙක් හරි ඉතිරි වෙලා ඉන්න එක ගැන නම් මම අවංකවම සතුටු වෙනවා...මේ ලෝකෙ දියුණු වෙලා.ආයේ ඒකෙ කිසිම තර්කයක් නෑ. හැබැයි මනුස්සකම් ඉතිරි නොකරගෙන තමා දියුණුවෙලා තියෙන්නේ...

කාටද බනින්න ඕනෙ ? දියුණුවෙච්ච ලෝකෙටද ? වල් වැදිච්ච සමාජෙටද ? නැත්තම් මනුස්සකම් උගන්නේ නැති දෙමාපියන්ටද ?

මට මතකයි ඉස්සර මගෙ අම්මා මම පුංචිකාලෙ එයාගෙ උකුළ උඩිං තියාගෙන එක එක කතාන්දර කියලා දෙනවා. හැම කතාවම මනුස්සකම් යුතුකම් වලින් පිරුණ ඒවා.. ඒවා කියලා දෙන්න අපේ අම්මලට වෙලාවක් තිබ්බා. ඉතින් අහගෙන උන්න අපිත් මනුස්සකම්වලින් පිරුණා...

ඒත් දැන් ඉන්න අම්මලට කෝ වෙලාවක් ......අම්මලට ළමයින් එක්ක ගත කරන්න වෙලාවක් නෑ. ඔය බාගෙට ඇඳන් යන හැම කෙල්ලෙක්ගෙම අම්මට තමා දොස් කියන්න ඕනෙ. මොකද අපි සමාජය හදන්න කලින් ගෙදර හදලා ඉන්න ඕනෙ.

මගේ අම්මාවත් අප්පච්චිවත් මගේ ලඟ නෑ. පුංචිකාලෙ ඉඳන්ම මම හැදුනෙ තනියම. ඒත් අදටත් පොඩ්ඩක් හරි ඇඟ වැඩියෙන් කැපිලා පේන ඇඳුමක් අදින්න මට හිත දෙන්නේ නෑ. ඒ දෙන්නව මතක් වෙනවා...

අපිට කෙල්ලො විදියට ඕනෙතරම් ෆැෂන් කරන්න පුළුවන්. ඔය තියෙන ඒවා බාගෙට එළියට නොදා...මොන තරම් ෆැෂ්න් කලත්...පොෂ් උන්ත වැඩක් නෑ. මනුස්සකම මොකද්ද කියලා දන්නේ නැත්තම්...

හොඳ ලිපියක්. උදේ පාන්දරම දැක්කෙ. අගය කරනවා..මොකද කරුමක්කාරයෙක් උනත් මනුස්සකම් දන්න එකෙක් හින්දා

@දිල්: ස්තූතියි දිල්... ඔයා වගේ හැමෝම විවෘතව කතා කරන්න කැමති නැ.. ඒ වගේම් හුගක් උන්ට මුල අමතකයි.. ඒකයි මේ ලෝකෙ මෙච්චර අසුන්දර වෙලා තියෙන්නෙ... ස්තූතියි ඔයාට..

ඇඳුමනම් මචං අපිට අවශ්‍ය ඇඳුමක් අඳින්න නිදහස තියෙනවා. ඔය ඇඳුම අපිට මැජික් එකක් වෙලා තියෙන්නෙ මේ රටේ සෙක්ස් පට්ට විදිහට හංගලා තියෙන නිසා. ඒකට නම් මම විරුද්ධයි. ඊලඟට අර පොෂ් කතාව ඕකත් අපිට වැරදුන තැනක්. ලංකාවේ වෙස්ටර්න් කියලා කල්චර් එකක් තිබුනත් ඒක දෙකටම නැති පොන්න සංස්කෘතියක්. ඕක ඉතින් දවසක තේරෙයි බං. දිල් කිව්වා වගේ මනුස්සකම තමා වැදගත්..

@ආගන්තුකයා: ඇත්තටම මච්න් මන් මෙතන කියන්න අදහස් කලෙ උන්ගෙ පොශ් කම කියන්නවත්, ඇදුමෙ කොටසක් නැ කියන්නවත් නෙමෙයි.. අර අහින්සක මනුස්සයගෙ අහිංසක ඉල්ලීම උන්ට දැනුනෙ නෑ කියන්න.. මොකද උන් හිතලම ඒ දේ කරපු වග මන් දැකපු හන්ද...

ඔන කෙනෙකුට ඕන දෙයක් අදින්න පුලුවන් කියන කතාවට මාත් එකගයි.. ඒත් උන් එහෙම යනකොට අහක බලන් යන්න තරම් අපි පොන්නයොත් නෙමෙයි.. වෙස්ටන් කල්චර් එක් කියල උබ ඔය කියන එක් තුලත් හොදට ඇස් කන් පේන, මනුස්සකම දන්න උන් ඉන්නව. ප්‍රශ්නෙ තිබ්බෙ ඒ ගිය උන්ට ඒ මනුස්සකම නොතිබිච්ච එක...

"සමාජය මොතතරමක් පිරිහුනත් මනුස්සකම් දන්න එකෙක් දෙන්නෙක් හරි ඉතිරි වෙලා ඉන්න එක ගැන නම් මම අවංකවම සතුටු වෙනවා...මේ ලෝකෙ දියුණු වෙලා.ආයේ ඒකෙ කිසිම තර්කයක් නෑ. හැබැයි මනුස්සකම් ඉතිරි නොකරගෙන තමා දියුණුවෙලා තියෙන්නේ..." (~ දිල්~) ;ඕක තමා අයියේ මටත් කියන්න තියන්නේ !!! සමහර ලොකු උන් ගාව නැති මනුස්සකම් පොඩිම එකාගාව තියනවා , උඩින් යන එවුන්ට දවසක කරදරයට පත්වෙලා උදව් ලැබුනහම් තමා ඕක තේරෙන්නේ !!!

ආගන්තුකයා වගේම දිල් කිව්ව කරුනු වලට මම එක්ඟයි මචන්. මිනිස්සු පිරිහිලා... සල්ලි... බලය.. පස්සෙ දුවල දුවල තම්න්ට ම තමන් කවුද කියන එක අමතක වෙලා. අපිට අපි ගැනම දුක හිතෙන සමාජයක අද අපි ඉන්නෙ

මේ සම්පූර්ණ කථාව නම් මතක නැහැ.
එක් අන්ධ පුද්ගලයෙකුගෙන් අහනව, ඔබ වැඩියෙන්ම දුක් වෙන්නෙ මොන කාරනයකටද කියලා.
අන්ධ පුද්ගලය කියනව, "සමහරුන්ට ඇස් තිබිලත් දකින්න බැරි එකට" කියල.

@හිඟන්නා, පිස්සා පලාමල්ල: ස්තූතියි, උඹලගෙ කතාව සහතික ඇත්ත මච්න්...

@කුමාර: ස්තූතියි මචන්.. අපෙ මිනිස්සුන්ට යමක් දැනෙන්න ඒක තමන්ටම වෙන්න ඔනෙ. අන්න එතනයි අපි වරද්දන් ඉන්නෙ...

දැන් ඉන්න සමහර අම්මලා දුවලාටත් වඩා පොෂ් වෙන්න හදනවා... අම්මා කෙනෙක්ගෙ ගරුත්වය රැකගන්න දන්නේ නෑ... මනුස්සකම් කියලා දෙන්න වෙලාවක් නෑ.මනුස්සකම තියෙන මිනිස්සු අදටත් ඉන්නවා.එත් ඒ බොහොම ටික දෙනයි.

මචන් , මෙක තමයි ජිවිතෙ බන් මෙ වගෙ සිද්දි මම නිතරම දකිනවා, කොලඹ පැත්තට ආපු ගමන්, දැන් මෙ සෙල්ලම් අපෙ ගම් වලටත් පැතිරිලා තියන්නෙ. මෙ කවුද අපිත් එක්ක ජිවත් වෙන මිනිස්සු, අපිට පුළුවන් විදියට අසරණ වුණූ මනුස්සයින්ට උදව් කරන්න එක අපෙ යුතුකම, අපිට බැහැ මිනිස්සුන්ට මනුස්සකම උගන්වන්න රටෙ තියන ඉහලම තැනින් මනුස්සකම මරා දාද්දි, බෞද්ධ දහම හැමදාම තියන්නෙ නැහැ, මෙ කිසිම දෙයක් සදාකාලික නැහැ, සංසාර පුරුදු අපිත් එක්ක හැමදාම අපි ගාව ඉතිරි වෙයි කියන විස්වාසයෙ ඉන්නවා. අපි අපෙ මනුස්සකම් සංසාර පුරුද්දක් කරගත්තොත් අපිට එය ඉතාම වටිනා ගුණාංගය වෙන බව නිසැකයි.

අප්පේ අයියේ ඔය වගේ කෙල්ලො ගැන නම් කියල වැඩක් නෑ...උන් ඇදුම අඩු වෙන්න අඩු වෙන්න තමයි අඩි එකහමාරක් විතර උඩින් යන්න ගන්නේ

@හසී : හරියට හරි..

@රවා: "සංසාර පුරුදු අපිත් එක්ක හැමදාම අපි ගාව ඉතිරි වෙයි කියන විස්වාසයෙ ඉන්නවා" මච්න් මෙ කියපු කතාව මාත් පුද්ගලිකව විශ්වාස කරන දෙයක්.. අපි තාම ජීවත්වෙනවනෙ බන්... පුලුවන් විදිහට වෙනසක් කරන්න බලමු..

@Hasitha ජයසූරිය: ඇත්ත මල්ලි.. උන්ටම වැරදි කියන්නත් බෑ.. උන්ව උඩින් තියන අපිත් වැරදිකාරයො මේවට...

Post a Comment

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය