සටහන

කැමති අය විතරක් කියවන්න...

කාලෙකට පස්සෙ ආයෙමත් ලියන්න කියල හිතුන. ජීවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක්. පොඩි කාලෙ අම්මල තාත්තල අපිට ජීවිතෙ ගැන කියල දුන්න. පස්සෙ යාලුවො, ගුරුවරු ජීවිතෙ ගැන කියල දුන්න. ජීවිතෙ ගැන ඉගෙන ගන්න ජීවත් වෙන්නම ඔනෙ කියල කතාවට කිව්වට එ කතාව කොච්චර ඇත්තද කියල තේරුම ගියෙ බොහොම ලඟකදි..

ඇස් දෙකම පේන අපේම උන් ගැන කතා ලියන්න වුනෙත් ජීවිතෙ කියන දේ තව කෙනකුට තේරුම් යාවි කියල හිතල. අද මන් කියන්න යන කතාව කියවල මට බනින්නනම් එපා, කරුමක්කාරය හැමදාම ලියන්නෙ අන්ධයො ගැන කියල. මේ කියන සිදුවීම උනෙ ගිය සතියෙ.

මන් දවල් කන්න යන්න ඔන්න මෙන්න තියෙද්දි මගෙ දුරකතනය නාද උනා..

"හෙලො, මන් කතා කරන්නෙ කොළඹ අක්ෂි රෝහලෙන්"

"ඔව් කියන්න" මන් කල්පනා කලේ මට කතා කරන්නෙ මොකද කියල.

"මහත්තය අපිට උදව්වක කරනව කියල නම දීල තිබුන, මම ක්‍රි***" ලයාන්විත කටහඩකින් එහෙම කියද්දි මට කාරණාව මතක් උනා. මම අන්තිමට බෙහෙත් ගත්තු දවසෙ මම මගෙ නම දුන්න උදව්වක් ඔන උනොත් කියන්න කියල.

"ඔව් මිස් කියන්න, මොකක්ද කෙරෙන්න ඔනෙ" මම ඇහුව.

"මහත්තය අවුරුදු 8ක ලමයෙක් ඉන්නව ලෙන්ස් එකක් ගන්න බැරුව, අරන් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්"

එහෙම දෙයක් මගෙන් ඉල්ලද්දි දෙපාරක් හිතන්න මට පුලුවන් කමක් තිබ්බෙ නෑ..

"පුලුවන් මිස්, ඔන කරන දේවල් ටික මට කියන්න" මට එහෙම කියවුනෙ නිතැතින්...

කොහොමින් කොහොම හරි මම ඔෆිස් එකෙන් පොඩි වෙලාවක් ඉල්ලගෙන කොළඹ අක්ෂි රෝහලට ගියෙ මට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන්න කියල. අදාල තුන්ඩුව ඉල්ලගෙන මන් ගෙදර ආවෙ මගෙ ලග තිබුන මුදල වැඩෙට ප්‍රමානවත් නොවිච්ච හන්ද. කොහොම හරි අදාල ලෙන්ස් එක අරන් කිව්ව දවසට මන් ආයෙමත් රෝහලට ගියා..

"මහත්තයගෙ අතින්ම මේක පේශන්ට දෙන්න, මෙහෙ ඔව අරන් ආයෙ විකුණන අයත් ඕන තරම් ඉන්නව" අර මිස් මට එහෙම කිව්වේ මන් විමසිල්ලෙන් වට පිට බලනන් ගත්තු හන්ද වෙනන ඇති. දෙවැනි මහලෙ තිබුන වාට්ටුවට යන අතර වටේම හිටියෙ ඇස් වහපු උදවිය.

අපි අදාල වාට්ටුවට ගියාම, එහි හිදපු සාත්තු සේවිකාවක් අදාල රෝගියට පණිවිඩයක් යැව්ව. මන් එතන් එතන තිබුන බංකුවට වෙලා වට පිට බැලුවෙ උවමනාවට එපාවට. මට ඔන කරල තිබ්බෙ ඒ ළමයව දෑහින් දැකගන්න.. ඔය අතරෙ මගෙ ඉන ලඟටවත් උස නැති පුංචි කොලු පැන්චෙක් තව ගෑනු කෙනක් එක්ක එතනට ආව.

"මෙ ඉන්න ඒ ලමය" කියල මිස් මට කියද්දි මගෙ ඇස් අදහගන්න බැරි උනා.. අනේ දෙවියනෙ.. මගෙ පපුව හෝස් ගාල පත්තු උනා. උඹ කාට වරදක් කරලද මට හිතාගන්න බැරි උනා. හයක් හතරක් නොතේරෙන ඒ පුංචි ලමයගෙ එක ඇහැක් පේන්නෙ නෑ.. ඔපරේෂන් එක කරපු දවසෙ කාචයක් අරන් දාන්න තරම් වත්කමක් ඒ දෙමාපියන්ට තිබිල නැ.. ම්ට මැවිල පේන්න ගත්ත. අපිට් අන්තිමට තිබුනු ඔෆිස් පාටිය දවසෙ මේ වගේ දහ පහලොස් ගුණයක් වියදම් කලා අපේ කෑම වලට.

"මේ මහත්තය තමා ඔයාගෙ කාච අරන් දෙන්නෙ.. තැන්කූ කියල ගන්න.."

ඒ දරුවගෙ අම්මගෙ ඇස් දෙකේම කදුලු පිරිල.

"ආ, මේක ගන්න. ඉක්මන්ට හොදවෙන්නකො" කියල මන් පොඩි එකාගෙ ඔලුව අත ගෑව. පොඩි එකා මට දන ගහල වැන්ද. මන් එහෙම දෙයක් තුන් හිතකින්වත් බලාපොරොත්තු උනෙ නෑ.. මන් හිරකරන් හිටිය කදුලු මටත් නොදැනිම මගෙ කොපුල් සිප ගත්ත. උඹට හොද අනාගතයක් පැන්චො.. උගෙ අම්ම ඒකව බදාගෙන අඬනව.. මට තවත් බලාගෙන්න ඉන්න බෑ.. මන් එලියට ආව..

මට දැනුනෙ පුදුම සතුටක්.. පුදුම සැහැල්ලුවක්.. මට කතා කරගන්න බෑ.. මගෙ ඇස්වලින් කඳුලු වැක්කෙරෙනව.. අපේම උන් දවසකට දහ පහලොස් දාහක් වියදම් කරන්නෙ වේලක් කන්න. ඒත් තමන්ගෙ පුංචි දරුවගෙ දෑස් පාදන්න ඒ වගේ මුදලක් හොයා ගන්න බැරි දෙමාපියො තව කොච්චර ඇතිද...මට මන් ගැනම කලකිරුන..

"මහත්තය දිගටම අපිට උදව් කරනවද?" ටිකක් වෙලා මන් දිහා බලන් හිටපු මිසී මගෙන් ඇහුව.

"මට පුලුවන් විදිහට කරන්නම් මිස්"

මන් ආපහු පිටි පස්ස හැරිල බැලුව. කියාගන්න බැරි තරම් සතුටකින් පොඩි එකා හිනා වෙනව. පුතේ උඹ හොඳවෙලා ලෝකෙට එලියක් වෙයන්..මන් පැතුවෙ එච්චරයි...!



ප.ලි: කොළඹ අක්ෂි රෝහල වෙත ආධාර කිරීමට හැකි අයෙක් වේ නම් හෝ වැඩි දුර විස්තර ලබා ගැනීමට අවශ්‍යනම් මා හට දන්නව්න්න.

18 comments:

No words can tell the happiness
when u see some ones innocent happiness,
and when you know that happiness is there coz of what you did,
its the time you get the greatest feeling of your lifetime "the life is there to serve the humanity with all your means", .
So happy for you on behalf of the whole mankind for what you v done. This deed and this post can open the eyes of many more people to serve the humanity. Keep it up and I hope everyone ll also do what they can for sure.....

මචං මම දන්නෙ නැහැ උඹට කෙල්ලෙක් ඉන්නවද, උඹ කෙල්ලෙක් ගැන හිතනවද , ජිවිත අලුතින් ගොඩදාගන්න ගොඩාක් දෙවල් තියනවද, උඹ හම්බ කරගන්න සල්ලි වලින් එකතුකරගන්න භෞතික වටිනාකම් ගොඩාක් ගැන ආශාවක් තියනවද කියලා, නමුත් මම එක දෙයක් කියන්නම් උඹ කරපු මෙ දෙ ඇති මට නම් මගෙ ජිවිතෙ ගැන තෘප්තිමත්ව ගෙවන්න, කෙනෙක්ගෙ ඇස් දෙකක් සුවකරගන්න දායක වෙච්චි එක බුදුදහම අනුවනම් විශාල දෙයක්,

මචං මිනිස්සු ලං වෙන්නෙ උබ ගාව දෙයක් තිබුනොත් විතරයි. උඹට ස්තුති එහෙම දෙයක් කිරිම ගැන.

අපි ගාව අන්තිමට ඉතුරුවෙන්නෙ බොහොම පොඩ්ඩයි, අපි යහලුවන්ට කන්න බොන්න දෙනවා, යහලුවොත් එක්ක ඉන්නවා, නමුත් අපි උපයන ධනයෙන් කොටසක් මෙ අය වෙනුවෙන් වැය කරන්න අපි තර්ක කරන්න ඔනා නැහැ.

මමත් ඉදිරිපත් වෙනවා, හැබැයි දැන්ම නෙමෙ මම දවසක කියන්නම් මට පුළුවන් වෙන කාලෙක. තාම මම එකතුකරගන්න දෙ මට විතරක් ඇති තරම් දෙයක්.

@nipun: ස්තූතියි මච්න්.. මන් මෙක ලිව්වෙත් මේක කියවල කවුරු හරි උදව් කරයි කියල හිතල..

@රවා: අනිව මච්න්... පුලුවන් දවසක මට කියපන් අපි එකතු වෙලා හොද දෙයක් කරමු. මට කියල තාම ලොකු දේවල් නැ මච්න් නමුත් හිත සතුටින් යමක් කරල ගොඩක් සතුටු වෙනව එච්චරයි..

ඇස් දෙකට කදුලක් අවේ නොදැනිම,, අපේ ලොක වල හුගක් අය කරන්නේ කොච්චර නිරප්‍රද වැඩ ද,,,,,, අයියේ ඔයා කරපු එ දෙයින් අර පොඩි ලමයට එ මුලු ලොකෙම එලිය වෙන්න ඇති.... තවත් වැඩියෙන් ඔයාට ලැබෙයි,,,
මම තාම පොඩියි නිසා රස්සාවක් නොකරන් හන්දා තාම උදව්වක් දෙන්න හයියක් නැ,,, ලැබුන් දාක එක්කෙනෙක්ට හරි මෙහෙම හිනාවක් දෙන්න යමක් කරනවා..

ඇත්තට මේක කියෙවා ම මගෙ ඇහැටත් කඳුලු ආවා.....එකෙ මොහොතක් නැවතිලා අපි කෙරන අනවශ්‍ය වියදම් ගැන බැලුවොත් කොයිතරම් නම් නාස්තියක්ද?....ඒ වුනාට ඔක පෙන්වා දුන්නොත් එක අපෙ කුහක කම කියලයි අන්තිමේදි ඇඟිල්ල දික් වෙන්නේ....මම් නම් උදවු කෙරන්න එක පයින්...ඒත් ටිකක් කාලයක් ඔනෙ...මොකද තාම මමත් දෙපයින් නැගී හිටින්න උත්සාහ කෙරෙන කෙනෙක්...ඇත්තට මේක පලකෙරපු එකට නම් ඔබට තුති....මිනිස්සු කියලා ජාතියක් තමත් මේ පොලොව උඩ ඉන්නවා කියලා හැඟුනා....අර පොඩි එකාට මේක තම තේරෙන්න නැතිව ඇති...ඒත් දවසක ඌ තෙරුම් ගනීවි.....ඔබට ජය හා සතුට..........

අයියෙ කෙනෙක්ව ඇස් දෙක වගේ රැක ගන්නව කියන්නෙ...වටිනව දේ ඇස් දෙක හින්ද...අයිය කරල තියෙන්නෙ ඒ මල්ලිගෙ මුලු ජීවිතේම ගොඩ දාන එක

මචෝ මටත් කියනවද කොහොමද කරන්නේ කියලා....
wasala0329@gmail.com

@හිතුවක්කාරි: ස්තූතියි නංගා.. පුලුවන් හැමවෙලාවෙම අපිට පුලුවන් විදිහට උදව් කරමු.

@Shadow/හේමලයා : ස්තූතියි මිත්‍රයා.. මාත් උඹල වගේම දෙපයින් නැගිටින කෙනෙක් මච්න්.. එකතුවෙලා යමක් කරන්න කැමතිනම් මට කියන්න. ඒකම ලොකු පිනක් වෙයි..

Hasitha ජයසූරිය : ස්තූතියි හසිත, අපි ඒ කාලෙ ආනන්දෙ බෞද්ධ සංගමෙන් මේ දේවල් කලා. ඒත් මේ වගෙ දැනුනෙ නැ මලය.. උබල දැන් ඒව් දිගටම කරපල්ලා

@චමිදේවා:ස්තූතියි මෙල් එකක් දැම්ම මන්

මමත් තවම ඉගෙන ගන්න නිසා ඒ විදිහ උදව්වක් කරන්න තාම අමාරුයි.අතට කීයක් හරි හම්බවෙන දවසක මට පුළුවන් තරම් උදවු කරනව.වැඩේ වෙන හැටි කියන්න...

You have done a grate thing. I would like to do something too. My email is charithao@gmail.com

hi malliyo

really happy fr u.u have done an excellent work...
i will definitely contribute to ur social work malla.when ever u r going to do a good work just drop me a mail inform me.i will help.
don't worry malla ur eyes are safe nw.....i am sure.

මට අදයි මේක කියවන්න හම්බවුනේ.මට කියන්න තෙරෙන්නෑ එත් යාළු ඔයාට හුඟාක් පින් මේ වගේ දෙයක් කලාට. ඔය එක්කෙනෙක් විතරයි. ඔය විදියේ කී දෙනෙක් ඇද්ද? මට තෙරෙන්නැත්තේ ඕක තමයි. මමත් කැමතියි උදවු කරන්න. ඒත් තාම මට එච්චර වත්කමක් නෑ. ඒත් සුළු උපාකාරයක් හරි කරන්න මම කැමතියි.මාත් කියන්නේ අපි හැමෝම එකතු වෙලා මේ වගේ වැඩ කරමු කියලා. මගේ උපරිම සහයෝගය මම ලබාදෙනවා.ටික කාලෙකින් අපි විවාහය ඇතුලේ කොටු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හිතන්න වෙන්නේ අපේ පවුල ගැන විතරයි.විෂේශයෙන් කෙල්ලෙකුට එතනින් එහාට හිතන්න බෑ.ඒත් මට එහෙම වෙන්න බෑ.මම කැමතියි නිදහසේ මිනිස්සුන්ට උදවු කරලා ජීවත් වෙන්න.මම දන්නෑ යාළු මගේ බලපොරොත්තුව ඉටු වෙයිද කියලා. ඒත් ඒක මම පුන්චි කාලේ ඉදන් දැකපු හිනේ. ඒ හින්ද දැනට පුලුවන් විදියට උදව් කරන්න මම ලැස්තියි.

මට අදයි මේක කියවන්න හම්බවුනේ.මට කියන්න තෙරෙන්නෑ එත් යාළු ඔයාට හුඟාක් පින් මේ වගේ දෙයක් කලාට. ඔය එක්කෙනෙක් විතරයි. ඔය විදියේ කී දෙනෙක් ඇද්ද? මට තෙරෙන්නැත්තේ ඕක තමයි. මමත් කැමතියි උදවු කරන්න. ඒත් තාම මට එච්චර වත්කමක් නෑ. ඒත් සුළු උපාකාරයක් හරි කරන්න මම කැමතියි.මාත් කියන්නේ අපි හැමෝම එකතු වෙලා මේ වගේ වැඩ කරමු කියලා. මගේ උපරිම සහයෝගය මම ලබාදෙනවා.ටික කාලෙකින් අපි විවාහය ඇතුලේ කොටු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හිතන්න වෙන්නේ අපේ පවුල ගැන විතරයි.විෂේශයෙන් කෙල්ලෙකුට එතනින් එහාට හිතන්න බෑ.ඒත් මට එහෙම වෙන්න බෑ.මම කැමතියි නිදහසේ මිනිස්සුන්ට උදවු කරලා ජීවත් වෙන්න.මම දන්නෑ යාළු මගේ බලපොරොත්තුව ඉටු වෙයිද කියලා. ඒත් ඒක මම පුන්චි කාලේ ඉදන් දැකපු හිනේ. ඒ හින්ද දැනට පුලුවන් විදියට උදව් කරන්න මම ලැස්තියි.

රස්තියාදු කාරයේක්ට පිනක් කරගන්න ඉඩක් තියනව නම් මටත් කියන්න..!
sudeshchandimal@gmail.com

මම අද තමයි මේ ඉසව්වට ආවෙ...බොහොම සුන්දර ප්‍රාණියෙක්..ඇත්තටම අනුන් වෙනුවෙන් කඳුලක් හෙලන්න පුළුවන් උත්තම ගණයේ මනුස්සයෙක්ට පමණයි..

මචං දක්ෂික මේක කියවලා මගේ ඇහැට කදුලක් ආවා... උඹ එකක් අපිට පෙන්නල දුන්නා අපි කොච්චර මුදල් නාස්තිකරනවද වැඩක නැති දේවල් වලට කියලා.මාත් උදව් කරන්න කැමතිය.හැබැයි මාත් උඔල වගේම දෙපයින් නැගිටින්න හදන එකෙක් නිසා දැන කරන්න පුලුවන් වෙන්නෙ සුලු උදව්වක් තමා. මොකක් හරි උදව්වක් ඕනි උනොත් කියපන් මට පුලුවන් විදියට උඹලට උදව්වක් කරන්නමි.....

බලි, බිලි, පූජා, යාග, හෝම, සමයං වලින් සැනහෙන ලෝකයට මේක හොඳ පාඩමක් මචෝ. ආයේ චාන්ස් එකක් සෙට් උනොත් මට කියන්න. උදව්වක් දෙන්න බලන්නම්. අනික ඔතැනින්, අපි මැරුණට පස්සෙ ඇස් දන් දෙන එක සෙට් කරගන්න පුලුවන්ද?

:) No words.

Post a Comment

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය