සටහන

කැමති අය විතරක් කියවන්න...

කවදාවත් නොකරන්න හිතපු දේවල් ගොඩක් මන් අද කලා. ඒ දේවල් වෙනුවෙන් ගොඩක් දේවල් අහන්න, දැනගන්න හම්බ වුනා. සමහරෙක් හොද දකිද්දි කෙනෙකුට එක නරකක්.අනතිමට තීරණයක් ගත්ත, මට සමීප කිසිම දෙයක් ලියන්න යන්නෙ නැ කියන එක.

ජීවිතෙ බ්ලොග් කෙරුවාව පටන් ගත්තෙ මොකක් වෙනුවෙන්ද කියන එක දන්න කීපදෙනෙක් ඉන්නව. එ කට්ටියම ඒක දැනගත්තාම ඇති. මම කවදත් ලිව්වෙ දුක විනුණන් කන්න නෙමේ. සතුට සේල් කරන්න්නත් නෙමෙ. අන්තිමෙ මට දුක සේල් කරන තුප්පහි බ්ලොග් ලියන්නෙක් කියල ලේබල් ගහන්න තරම් ලෝකයා හොද උනා... සින්ඩිවල වැටෙන්න මන් බ්ලොග් ලිව්වෙ නෑ... එව කවුරු කියවයිද කියල හිතල ලිව්වෙත් නෑ.. දැන් ගොඩක් අයගෙ හිත් තියන වග උන්ට දැනුනට, මන් නිහඩව හිටියෙ ඒව ඉස්සර ඉදන් උන් ලඟ තිව්ව වග දැන උන්නු හන්ද, හරියටම අවුරුද්දකට පස්සෙ අතීතය මතක් උනෙ ඇයි කියල මන් දන්නෙ නැ..


ම්න් මෙ ටික ලියන්න හිතුවෙත් මගෙ මිත්‍ර රවා හන්ද.. උඹ මාව දැහින් නොදැක්කත් ලගින් උන්න උන්ට වඩා මාව දැකපු හන්ද..

"මචං අයියෙ මොකද පොස්ට් කරලා ආපහු ගන්නෙ.. ඔයාව දන්න කිපදෙනයි ඉන්නෙ. එ අයත් අපි අතරම ලියන අය. ඔයා ඔයාගෙ දෙ ලියන්න. හිතෙ තියන දුකක්, කරදරයක් ලිව්වා කියලා කවුරු හරි ඔයාව පහතට දාලා කතා කරනවා නම් එක එ මනුස්සයගෙ හදවතෙ තියන ලොකු දොශයක්, එක් අනිත් මනුස්සයින්ට තෙරෙනවා.. ඔයා මොනව හරි දෙයක් ලියන්න.. පුළුවන් විදියට... එක ලිව්වහාම සිතට දැනෙන සහනය තමයි ඔයාට ඉතුරු වෙන්නෙ. ඔයා දිනද්දි ඔයා ලඟින් හිටපු මනුස්සයින් .. ඔයා වැටෙද්දි ඔයා ලඟින් ඉන්න මනුස්සයින්.. දෙගොල්ලම ඔයාගෙ මනුස්සයින් කියලා හිතලා සමාව දෙන්න.. ලියන්න..."


මේ කතාව කියපු රවාට මන් ගොඩක් ස්තූති වෙන්න ඔනෙ. අනුන්ගෙ කුණු ගොයන්නෙ නැතුව ඉන්න කියල මට උපදෙස් දුන්නු උඹලටත් ගොඩක් පින්.

මෙ කියන කතාව තවත් එක් කතාවක්..

එලියට එක මූණක් පෙන්නල කැරි මූණ ඇතුලෙ තියා ගන්න මට උවමනාවක් තිබ්බෙ නැ... මගෙ එ දෙකම තිබ්බෙ එලියෙ. දැන් මට ලැබෙන්න දෙයක් නැ.. අතරින්න දෙකුත් නැ... ලගින් හිටපු යාලුවොත් නැ.. එ එකකටවත් වැරදි අනිත් එකෙක්වත් නෙම කියල මට හිටපු හොදම යාලුව මට කියල දුන්න. මෙච්චර කල් උ කියපු දේ නොඅහපු මට මෙහෙම වෙලා මදි..

මන් යන පාර මටම අපහැදිලි වෙලා.. කල හොද පස්සෙන් එනව වගේම, කල පවුත් පස්සෙන් එනව.

බලමු මුලක් නැති අගක හැටි..

7 comments:

එහෙම තමයි ජිවිතෙ.. සමහර අය අපි ගාව ඉන්නවා... සමහර අය අපෙන් ඇතට යනවා. මමත් ගොඩාක් දෙවල් නැති කරගත්තෙ තිබුනු දෙවල් අතහරින්න තියන අකමැත්තට. අපි හැමොම මනුස්සයො. කෙනෙක්ගෙ වචනයකට තමුන්ගෙ හදවත කියන දෙ කරන එක නතර කරන්න එපා. ඔයාව දන්න මෙතන ඉන්න අය ගැනත් මට වැටහීමක් තියනවා.
බය වෙන්න එපා.
දෙයක් කරාට පස්සෙ දුක් වෙන්න එපා.
මිනිස්සු එහෙම තමයි.
මිනිස්සුන්ගෙ කතා නවත්වන්න අපි දෙන්නටම බැහැ.
නමුත් එ වචන වලට තමුන්ගෙ හදවත රිද්ද ගන්න එපා.

ඔයා ලියන්න.. කියවන අය කියවයි. ප්‍රශ්නයක් නැහැ.

ලියන්න ඔයාගෙ ජිවිත අත්දැකිම් අනිත් මිනිස්සුන්ව අනවශ්‍ය විදියට නිරාවරණය නොවන විදියට. මම දැක්කොත් ඇවිල්ලා කියවනවා. අපි එකෙන් දෙයක් ගන්නවා. අපිත් අදහසක් තියලා යනවා.
පවක් කරලා තියනව නම් කාටවත් බැහැ එකෙන් ගලවන්න.

මනුස්සයෙක් වචනයක් තමුන්ට එල්ල කරද්දි බලන්න එයා ගෙ අරමුණ මොකද්ද කියලා.

ඔයා මගෙ සිංහල මනුස්සයෙක්. ඔයගෙ දුකක් සැපක් මම ඇහැව්වෙ නැත්තන් පිටින් එකෙක් ඇවිල්ලා අහන්නෙ නැහැනෙ. සමහර වෙලාවට ජිවිතෙ ඔයත් වැරදි කරන්න ඇති. වැරදි හැමොම කරනවා.
බය වෙන්න එපා මිනිස්සුන්ගෙ වචන වලට. තමුන් හරි දෙ කරනවා කියන හැගීම මිනිස්සු දාහක් බැන්නත් බය නැතුව එ දෙ කරන්න. තිබ්බ අඩිය පස්සට ගන්න එපා. තව කාට හරි උදව්වක් වෙවී එක හරියට යන්න..

ස්තූතියි මිත්‍රයා... උඹට පින්...

අයියෙ ඔයා ඔයාට හිතෙන ඕනම දෙයක් ලියන්න...අපි ඉන්නව ඔයත් එක්ක

ස්තූතියි හසිත මල්ලි...

බනින අයට බනින්න කියපන්.... උබ ලියපන් මචන්... කියවන්න අපි ඉන්නවා.... මිනිස්සුන්ගෙ කටවල් වහන්න අපිට බැහ නෙ බන්...

කවුරු මොනා කීවම මොකද මල්ලියා.... හිතේ තියෙන දේ හිතය හැගෙන දේ හරියට ලියන්න...
ඔබට ජය......

@wath: පිස්සා පලාමල්ල: ස්තූතියි ඔබ දෙදෙනාටම, මන් කාගෙවත් හිත් රිදවන්නෙ නැතිව කාලයක් බලන් හිටිය. ඒ මගෙ හිත හුඟක් රිද්දගෙන, නමුත් මන් කතාව පටන් ගත්තාම හොඩක් අයගෙ හිත් රිදෙන්න පටන් අරන්..

මොනා කරන්නද මන් ආයෙමත් නිහඩ වෙනව. අනිත් අය වගේ මට උන්ව රිද්දන්න බැරි හන්ද...

Post a Comment

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය